diplomatic relations

diplomatic relations

Diplomatic relations review of China and Sri Lanka (CRI Sinhala service)

9h ago
SOURCE  

Description

චීන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට පෙර,චීන ජාත්‍යන්තර ගුවන් විදුලි සිංහල සේවය චීන-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමාලෝචනය කරමින් ඉදිරිපත් කරන කෙටි වාර්තා චිත්‍රපටය. චීනය සහ ශ්‍රී ලංකාව අතර ඉපැරණි මිත්‍රත්වයක් පවතිනවා. චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගත් පළමු රටවල් කණ්ඩායමට ශ්‍රී ලංකාව ඇතුලත් වෙනවා.1952 වසරේදී අත්සන් තැබූ සහල්-රබර් ගිවිසුම දෙරට අතර මිතුදමේ කදිම සංකේතයක් බවට පත් වුණා.ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත ව ගත වූ වසර 57ක් තුළ එම සබඳතාව සැම විට ම විධිමත් ලෙස වර්ධනය වෙමින් පවතිනවා.මෑත වසර කිහිපය තුළ දෙරටේ නායකයන් අතර සමීප සබඳතාවක් පවතින අතර ආර්ථික හා වෙළෙඳ,මුදල් ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධන යනාදී ක්ෂේත්‍රවල සහයෝගතා ද අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතිනවා.චීනය ශ්‍රී ලංකාවේ දෙවැනි වෙළෙඳ හවුල්කාරයා සහ දෙවැනි ආනයනකරුවා බවට පත් ව තිබෙනවා.වසර 2013නේ එම ද්විපාර්ශ්වික සබඳතාව ක්‍රමෝපීය සහයෝගතා හවුල්කාරී සබඳතාවක් බවට වර්ධනය කිරීමට දෙරටේ නායකයන් පොදුවේ තීරණය කළා. චීන ජනාධිපති Xi Jinping මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ,අග්‍රාමාත්‍ය දී.මූ. ජනරත්න හා කථා නායක චමල් රාජපක්ෂ යන මහත්වරුන් හමු වෙනවා.21වැනි සියවසේ මුහුදේ සේද මාවත යන පුළුල් රාමුව තුළින් දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා ඉහල මට්ටමකට රැගෙන ගොස් වඩාත් සරුසාර සාර්ථකත්වයක් ලඟා කර ගනු ඇති බවට විශ්වාස කෙරෙනවා.